Tuesday, December 14, 2010

ROUTERS ගැන තොරතුරු ටිකක්..

බ්ලොග් එකේ තාක්ෂණික සටහන් පෙල Routers ගැන ලියල පටන් ගන්න හිතුවා. එහෙනම් Routers ගැන තොරතුරු ටිකක් හොයල බලමු.
Router එකක් කියන්නෙ Hardware device එකක් හරි Software Program එකක්. මුලිකව Router එකෙන් කරන්නෙ නෙට්වර්ක් අතර data packet හුවමාරු කරන එක. අපි හිතමු ඔබ අන්තර්ජාලයෙන් යම් කිසි දත්තයක් ඉල්ලනවා. එක තියෙන්නෙ ඇමෙරිකාවෙ server එකක. මේ දත්ත ඔබේ පරිඝනකයට පැමිණිය හැකි මාර්ග විශාල ප්‍රමානයක් තියනවා. ඒ අතරින් කෙටිම හා වේගවත්ම මාර්ගය(route එක )සාදා දෙන්නෙ Routers මගින්. කොටින්ම කිව්වොත් අන්තර්ජලයේ traffic කාරයෝ තමයි Routers කියන්නෙ. එම data packets ඔබේ පරිඝනකයට පැමිනෙන විට Routers විශාල ස0ඛ්‍යාවක් පසු කරනවා.

Routers භාවිතයේ සරල අවස්ථාවක් සලකල බලමු. Organization එකක් හරි company එකක් හරි ඇතුලෙ network එක පරිපාලනය කරන ආකාරය .
උදාහරණයකට 3D graphics නිර්මාණ කරලා ඒවා අලෙවි කරන company එකක් සලකමු. මේකෙ ඉන්නව designersලා හතර දෙනෙකුයි, අලෙවිකරන්නන් හතර දෙනෙකුයි.8 දෙනාට computers 8කුත් තියනවා. මොවුන් එකම නෙට්වර්ක් එකකට සම්භන්ද කරලා ඇතියි හිතමු. දැන් කවුරු හරි designersලා දෙන්නෙක් විශාල graphic file එකක් හුවමාරු කරගන්නව කියලා හිතමු. මේක ආරම්භයෙදිම නෙට්වර්ක් එකෙ තියන ඔක්කොම computers මේ data හුවමාරුව ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම data හුවමාරුව වෙනකොට ඒක මුලු නෙට්වර්ක් එකටම බලපානවා. නෙට්වර්ක් එකේ ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ data හුවමාරුවට වැයවෙනවා. ඒක නිසා අනිත් computers 6ටම අදාළ network speed එක අඩු වෙනවා.
මේකට විසදුමක් තමයි designersලා හා අලෙවිකරුවන් network 2කට වෙන්කරලා Router එකකින් සම්භන්ධ කරන එක.


දැන් කලින් විදියට designersලා දෙන්නෙක් අතරෙ file එකක් හුවමාරු කරන්න ඉල්ලීමක් ආවොත් Router එක තේරුම් ගන්නව මේක designersලගේ network එකේ data හුවමාරුවක්, මේකට අනෙක් network එක(අලෙවිකරන්නන්ගෙ network එක ) සම්භන්ද වෙන්නෙ නෑ කියලා. ඒ අනුව එම network එකට බලපෑමක් සිද්දනොවී designersලගේ network එක ඇතුලෙ data හුවමාරු වෙනවා. මේක අලෙවිකරුවන්ට ලොකු වාසියක්. මෙතනදී ඇත්තටම සිද්ද වෙන්නෙ network දෙකක් අතර data හුවමාරු පාලනයක්. සීමා කිරීමක්.

එහෙනම් දැනට ඇති වගේ නේද? මේ වගේම Routers වල තවත් ප්‍රායෝගික භාවිතයක් ගැන ඊළග ලිපියෙන් කියවමු.

1 comment:

  1. උඹ මේක කොහෙන්ද කොපි කරේ..?

    ReplyDelete